Tuesday, March 25, 2014

ලඟටනම් එන්න එපා CIWS (Close in wepon systems )

Goalkeeper CIWS
Phalanx CIWS
අද මගෙ ලිපිය ලියන්නෙ අපිට නුහුරු උනත් බලවත් රටවල් වල නැව් ,අධි ආරක්ෂිත ගොඩනැගිලි ආරක්ශාකරන අය ගැන මෙයාලා විශේෂයෙන්ම හදලනම් තියෙන්නෙ නැව් වල අරක්ශාව සඳහාමයි මොකද මිසයිල,ගුවන් ප්‍රහාර,කුඩා බොට්ටු මගින් එල්ල වෙන ප්‍රෙහාර වගේදෙවල් වලින් අරක්ශාවීමටයි කොටින්ම කිව්වොත් මෙයා සවි කරල තියෙන යාත්‍රාව ගාවට කිසිම අනතුරු දායක දෙයයකට මෙයා කිට්ටුවත් වෙන්න දෙන්නැ. CIWS (Close in weapon system)  කියල තමයි මෙයාලට කියන්නෙ අද වෙනකොට CIWS පද්දති ගොඩක් නිපදවන්න බලවත් රාජ්‍යන් සමත් වෙලා තියෙනව  මොකද Anti Ship Missile ,ජෙට් යානා වගේ දේවල් එන්න එන්නම දියුනු වෙනකොට යත්‍රාවල අරක්ශාවත් වැඩිදියුනු වෙන්න ඔනා එවගේදේවල් වලින් යත්‍රාවකට එල්ල වෙන්න පුලුවන් අනතුර ඉතා විශාලයි. ආයුද නිපදවීමෙ තරඟයත් සමගම මෙ CIWS නිපද වීමේ තරගයද උනුසුම් වෙලා තියෙනවා ඒවගෙ ප්‍රතිපලයක් විදියට තමයි අද වෙනකොට ඉතාදියුනු CIWS පද්දති රැසක් නිර්මාණය වෙලා තියෙන්නෙ.. මේ CIWS පද්දතියේ තියෙන ප්‍රදානම අවිය තමයි විනාඩියට උන්ඩ අතිවිශාල ගානක් තියන්න පුලුවන් ගැටලින් තුවක්කුව (Gattaling Gun) මේ තුවක්කුවෙ බැරල් කිහිපයක්  තියෙනව ඒ වගේම සමහර CIWS පද්දති වල 40mm උන්ඩ යොද ගැනෙනව ඒ වගේම සමහර CIWS වල මිසයිල පවා භාවිතයට ගන්නව.ඒ වගේම මේ ගොල්ලො ඉලක්ක දුර තියා හදුනා ගැනීමට Laser range finders සහ අති දියුනු රෙඩාර් පද්දති වගෙ දේවලුත් වෙඩි තැබිමේදි මෙයාල අමුතුම රටාවකට වෙඩි තියන්නත් සැලසුම් කරල තියෙනව.මෙයාලගේ තියෙන දුර්වල කම් කිහිපයක්ම තියෙනව පලවෙනි එක තමයි මෙයලට එකපාර විනාස කරන්න පුලුවන් එක ඉලක්කයයි අනික් ඉලක්කයට මාරු වෙන්න මෙයාට තප්පර කීපයක් ගත වෙනව, ඒ වගේම CIWS පද්දති වල Range එක අඩුයි මෙයාලගෙ 20mm අවියක් භාවිතකරන පද්දති වල අවියෙන් තැබිය හැකි උපරිම දුර 4500m පමන වෙනවා ඒ වගෙම උන්ඩයේ විශාලත්ව වැඩි වන්න වැඩි වන්න එම දුර අඩු වෙනවා ඒ වගෙම තමයි අද තිබෙන සමහර යාත්‍රා නාශක මිසයිල වලට ගමනට විවිධ වෙනස්කම් පෙන්වීමේ හැකියාවක් තියෙනව සමහර CIWS පද්දති වලට මේවනි ඉලක්ක ලබාගැනීම අපහසුයි.. අද වන විට ඇමරිකා එක්සත් ජනපදය,රුසියාව,නෙදර්ලන්තය,ඉතාලිය වැනිරටවල් මෙම CIWS පද්දති නිපදවනව. මේවා අතර  රුසියාව මගින් නිපදවු AK-630M1-2,  Kashtan  පද්දතිය ඇමරිකා එක්සත්ජනපදය නිපදවු Phalanx CIWS  පද්දතිය සහ නෙදර්ලන්තය  නිපදවු Goalkeeper  CIWS ප්ද්දති ප්‍රමුඛ තැනක් ගන්නව මේවායිනුත්  AK-630M1-2  පද්දතිය තුවක්කු යුගලයක් භාවිතා කරන අතර මේම පද්දති මගින් විනාඩියට උන්ඩ 10000කට වඩ වෙඩි තැබීමේ හැකියාවක් පවතිනව තවද මොවුන් භාවිත කර අති උන්ඩය 30mm වර්ගයෙ එකක් වීම මේම පද්දතියට විශේශයි ඒ වගෙම Kashtan නම් වු පද්දතියක්ද පසු කාලීනව නිපද වු අතර මේම පද්දතිය සතුව 9M311K  වර්ගයේ මිසයිල විදින 8ක්ද අමතර ස්වයන්ක්‍රිය Reload පද්දතිය සතුව මිසයිල 32ක්ද පවතිනව. ඒවගෙම නෙදර්ලන්තය නිපදවු Goalkeepr නම් වු පද්දතියද CIWS පද්දති ගැන කතා කිරීමේදි කතා නොකලම බැරි දෙයක් මෙම පද්දතිය ප්‍රධාන ලෙස රාජකීය නාවික හමුදාව භාවිත කරන අතර මෙයාට තප්පරයට උන්ඩ 70ක් වෙඩි තැබීමේ පහසුකම තිබෙන අතර මෙම පද්දතියත් 30mm බැරල් 7කින් සමන්විත තනි අවියක් භාවිත කරනව ඒවගේම ඇමරිකා එක්සත් ජනපදය නිපදවු Phalanx CIWS පද්දතිය 20mm බැරල් 6කින් සමන්විත අවියක් භාවිත කරන අතර මෙයට තප්පරයට උන්ඩ 75ක් වෙඩිතැබීමෙ හැකියාව පවතිනවා අනික් අයට වඩා මෙයාගේ තියෙන විශෙශත්වයනම් මෙයට වෙඩි තියන්න පුලුවන්ම් පරාසය අනික් CIWS පද්දති වලට වඩා වැඩි මොකද මෙය විශාලත්වයෙන් කුඩා උන්ඩයක් භාවිත කරන නිසා මෙයාට වෙඩිතියන්න පුල්වන් දුර වැඩිවෙල තියෙනවා නමුත් Goalkeeper  CIWS හා රුසියානු ව,නෙදර්ලන්තය,ඉතාලිය වැනිරටවල් මෙම CIWS පද්දති නිපදවනව. මේවා අතර  රුසියාව මගින් නිපදවු AK-630M1-2 සහ නෙදර්ලන්තය  නිපදවු Goalkeeper පද්දති සසන්දනයේදී පද්දති දෙකම එකම උන්ඩය භාවිතා කලත් AK-630M1-2 පද්දතියෙහි අවියෙන් තිබිය හැකි දුර ඉතාම වැඩි වෙලා තියන්ව කෙසේ නමුත් CIWS පද්දති අද වන විට කීර්තිමත් නාවික හමුදාවල අරක්ශකයා වෙමින් අති විශාල කාර්‍යක් ඉටු කරනව...
AK-630M1-2 CIWS

Kashtan CIWS
Goalkeeper CIWS

Kashtan CIWS
Phalanx CIWS

Kashtan CIWS





No comments:

Post a Comment