Monday, March 24, 2014

රට පනින්නනම් එපා Bay class patrol boat


මෙයා තමයි ලoකාවේ නාවික හමුදාවට ලැබුන අලුත්ම සගයා ලoකාවේ මාධ්‍යට නොදන්නව උනාට අපිනම් මේ අලුත් සගයාගෙ ආගමනය ගැන ගොඩක් කල් ඉඳලා දැනන් හිටියා මෙයාව අපිට ලැබෙන්නෙ අපේ කට්ටිය රටයන චුන් එක ගහල ඔස්ට්‍රෙලියාවට බොට්ටු ගමන් යන එකෙ ප්‍රතිපලයක් විදියටයි .මේ බොට්ටුව Patrol Boat එකක් මෙකේ දිග අඩි 125 (38.2m) විතර වෙනව. 90 අග තමයි මෙයලා නාවික රේගු ඒකකයෙහි (Custom Marine unit) Fleet එකට සම්බන්ද වෙන්නෙ.  Austal Shipbuilders  සමාගම තමයි මෙයාලව හදන්නෙ මෙයල හදලනම් තියෙන්නෙ රට අතුලට හොර බඩු අනවසර සක්‍රමනිකයන් වගෙ අය එන එක නවත්තන්න.බොට්ටු 8ක් 2000 මුල් කාලය වෙනකොට නිපදවල තියෙන අතර 2010 වන විට මොවුන් සේවයෙන් ඉවත් කිරීමට සැලසුම් කස් කරල තිබුනත් මොවුන් වෙනුවට නිපදවුන Cape class යත්‍රා වල පලමු යත්‍රාව නිපදවා අවසන් වන්නෙ 2013 ජනවාරි මාසයේ ඒ හෙතුව හින්දා තවමත් Bay Class යත්‍රා සේවයෙන්  සම්පුරනයෙන් සෙවයෙන් ඉවත් කිරීමට ඔස්ට්‍රෙලියනු නාවික රේගු ඒකක නොහැකිවී තිබෙනව. මෙයාට ලොකු අවි බලයක් නොතිබුනාට මෙයාට Knot 20 (37Kmph) ක වෙගයෙන් ගමන් කරන්න හැකියවක් තිබෙනව ඒ වගේම කුඩා බොට්ටු 2ක් රැගෙන යාමේ හැකියාවද මෙයාට තියෙනව ඒ වගේම මෙයාට දියුනු Radar ( Racel Decca; E/F and I bands) වගෙම Sonar (Wesmar SS 390E dipping sonar) පද්දතියකුත් මේහි සැලසුම් ශිල්පියො එක් කරල තියෙනව  මෙයගෙ තීයෙන එකම අවිය 7.62mm General Purpose Machine gun අවියයි ඒ වගේම මෙයාව හසුරවන්න 12 දෙනෙකුගෙන් යුතු නැවියන් පිරිසක් ඔනා කරනවා..ඒ වගේම මෙයා  MTU 16V 2000 M70  ඩීසෙල්ස් ඒකක දෙකකින් බල ගැන්විලා තියෙනවා ඒ වගේම  නැවත ඉන්දන පිරවීමකින් තොරව 1900Km දුරක් ආවරනය කිරීමේ හැකියාව තියෙනව. මෙයාල දෙන්නෙක් 2013 අන්තිම කාලය වන විට ශ්‍රි ලකා නාවික හමුදාවට ලබාදීමට ඔස්ට්‍රෙලියානු රජය තීරනය කර තිබුන අතර මේ වන විටත් ඔවුන් නාවික හමුදාවට ලබාදී ඇත..

No comments:

Post a Comment